අන්තිම කැමත්තක් ලියන්නේ ඇයි?
ඔබ සතු දේපළ ඔබගේ කැමැත්ත පරිදි බෙදා හැරීම සදහා.
ඔබගේ භාර්යාව සහ දරැවන්ට හෝ ඔබගේ යැපෙන්නන්ට ඔබ සතු දේපළ මිළ මුදල් පවරා අවශ්‍ය යුතුකම් ඉටුකිරීමේ කැමැත්තක් ඔබ තුළ පවතිනු ඇත. අන්තිම කැමැත්තක් ලිවීමෙන් එම අර්ථලාභීන් අතර බූදලය බෙදාහැරීමේදී කිසියම් ප්‍රමාදයක් හෝ ගැටඵවක් ඇති නොවන්නේය. අන්තිම කැමැත්තක් නොමැති වූ විට ඔබගේ කැමැත්ත වාර්තාගත නොමැති නිසා, ඔබ සතු බූදලය බෙදී යනුයේ ඔබ අපේක්ෂා කළ පරිදි නොව, පවතින නීතියට අනුකූලවය.
දැනට ඔබ සතු වත්කම ස්වල්ප වුවත් කාලයාගේ ඇවෑමෙන් ඒවා කුමන ලෙසින් වෙනස්කම් වලට භාජනය වේද? යන්න කිව නොහැක. අප දෛනික අනතුරුවලට භාජනය වීමට ඇති ඉඩකඩ බොහෝය. ඔබ ඔබගේ ස්වාමි පුරුෂයාගේ වත්කම්වලට හිමිකාරියක වීමට හෝ ඇතැම් විට අන්තිම කැමැත්තක් ලිවීමට ප්‍රථම ඔබ මිය යාමට හෝ පුඵවන. එනිසා, ඔබ විසින් පමණක් නොව ඔබගේ ස්වාමි පුරැෂයා විසින් ද අන්තිම කැමත්තක් ලිවීම අත්‍යවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි.
ළගම නෑයන්ට අමතරව, පිටස්තර පුද්ගලයන් වෙනුවෙන් හෝ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් හෝ කිසියම් මුදලක් වෙන්කිරීම ඔබගේ බලාපොරොත්තුව නම්, අන්තිම කැමැත්තකින් එය සිදු කළ හැක. ළගම නෑයන් ද නොමැතිව, අන්තිම කැමැත්තක් ද රහිතව දේපළ හිමිවීමට අයිතිවාසිකම් ලබා දී ඇති අනිකුත් අය විසින් ඉතා නිවරදි සාක්ෂි ඉදිරිපත් කළත්, එම දේපොළ ඔවුන්ට හිමිකිරීම අධික වියදම් දැරිය යුතු දුෂ්කර කාර්යයකි. ඇතැම්විට එම දේපොළ රජයට හිමි වනු ඇත.
අන්තිම කැමැත්තට ඇතුළත් විය යුතු කරැණු මොනවාද?
ඔබේ බූදලය, ඔබට අවශ්‍ය පරිදි උරුම කොට පැවරීමේ සම්පූර්ණ අයිතිය ඔබ සතුවනු ඇත. එතෙකුදු වුවත් එකී බූදලය ක්‍රමානුකූලව බෙදා දීම පිණිස පොල්මඃකරැවකු පත් කිරීම යෝග්‍ය වනු ඇත.
ඔබගේ අන්තිම කැමැත්තට පහත සදහන් මූලික කරැණු ද ඇතුළත් කළ හැක.
- පවුලේ සාමාජිකයන්ට සහ ඔබගෙන් යැපෙන්නන්ට ඉඩකඩම්/මිල මුදල් ප්‍රමාණවත්ව සැපයිය හැක.
- ළදරු වයසේ දරැවන් ඇත්නම් ඔවුන් රැක බලා ගැනීම සදහා භාරකරුවෙකු පත්කළ හැක.
- භුමදාන , ආදාහන හෝ සොහොන් කටයුතු යනාදී වූ අවමංගල්‍ය කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබද ඔබේ අදහස් ඇතුළත් කළ හැක.
- වත්කම් බෙදා දිය යුතු ආකාරය පිළිබද පැහැදිලි විස්තරයක් අවසාන වශයෙන් ඊට ඇතුළත් විය යුතුය.
අන්තිම කැමති පත්‍රයේ පොල්මඃකරු වශයෙන් මහා භාරකරු පත් කරගත හැක. ඒ සදහා අවශ්‍ය වන්නේ , මගේ අන්තිම කැමැත්ත වශයෙන් ශ්‍රී ලංකාවේ මහාභාරකාරවරයා පත්කර ගනිමි හෝ එතුමා භාරකරු වශයෙන් පත්කරගනු කැමති නම් පොල්මඃකරැ හා භාරකරු වශයෙන් පත් කරමි. යන වචන පෙළ පමණි.
අන්තිම කැමති පත්‍රයක ආරක්ෂාව සදහා තැන්පත් කිරීමේ ගාස්තුව රු. 200 කි.