ශ්‍රී ලංකාවේ ප්‍රජාවට ඔවුන්ගේ වතු සහ බූදල් පරිපාලන සේවාවන් තරාතිරම, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වර්ණය, භාෂාව හෝ ආගම නොසලකා ඉටු කිරීම සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව ගොඩනැගී ඇත.
ආරම්භයේ සිටම අපගේ පරමාර්ථය වන්නේ මේ ජාතියේ යහපැවැත්ම පවත්වාගනිමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ කටයුතු කළමනාකරණය කර ශක්තිමත්ව ගෙන යමින් ධනාත්මක ප්‍රතිඵල ලබා දීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය සහතික කිරීමයි.