
ගිහාන් පිලපිටිය මහතා
ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන
0112 506553
publictrusteesl@gmail.com
ගිහාන් පිලපිටිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී (LLB) උපාධිධාරියෙකි. 1998 දී නීතීඥවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු 1999 වසරේ සිට රජයේ අධිනීතිඥවරයෙකු ලෙස වසර හතරක කාලයක්(1999-2003) සෘජුවම නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී කටයුතු කර ඇත. අනතුරුව 2003 ජනවාරි මස මහේස්‍රාත්වරයා ලෙස අධිකරණයට බැඳුණු ඔහු දිසා විනිසුරු තනතුරට උසස්වීම් ලබා ඇත. ඉන් අනතුරුව ගිහාන් පිලපිටිය මහතා මහනුවර, ඇඹිලිපිටිය මෙන්ම කුලියාපිටිය මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කරන ලද අතර ඔහු නීතිඥවරයෙකු ලෙස (නීතිපති දෙපාර්තමේන්තුවේ ) සහ අධිකරණයේ වසර 20 ක සේවා කාලයක් සපුරා වර්තමානයේ ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන ලෙස දැනට ක්‍රියාකාරීව සිය තනතුරේ කටයුතු කරනු ලබයි.

ජී.බී.කරවිට මහත්මිය
නියෝජ්‍ය මහා භාරකාරතැන
0112 582328
publictrusteesl@gmail.com
ජී.බී.කරවිට මහත්මිය ජ්‍යෙෂ්ඨ නීතීඥවරියක වන අතර 2017 ඔක්තෝම්බර් මාසයේදී එවකට අධිකරණ අමාත්‍යාංශයේ මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මහා භාරකාර තනතුරට පත් කරන ලදී. කරවිට මහත්මිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Onex සමාගම් සමූහයේ ඔරුවල අතුරුගිරිය ලංකා වානේ සංස්ථාවේ මානව සම්පත්/නීති කළමනාකාරවරිය ලෙස ද ජ්‍යෙෂ්ඨ තනතුරක් දරා ඇති අතර එම මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලය මගින් පිරිනමන නීතිවේදී උපාධිය (LLB) ලබා ඇත. වත්මනද බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ද නියෝජ්ය මහා භාරකාරතුමිය ලෙස කටයුතු කරනු ලබයි.

කේ.ඩී.පී.ටි . කරුණාරත්න මහතා
නියෝජ්‍ය මහා භාරකාරතැන
0112 588538
publictrusteesl@gmail.com
කේ.ඩී.පී.ටි . කරුණාරත්න මහතා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මහා භාරකාර ධුරයෙහි 2017 වසරේ සිට කටයුතු කරනු ලබන අතර එවකට අධිකරණ අමාත්‍යංශය යටතේ එතුමන් එම ධුරයට පත් කර ඇත. වෘත්තියෙන් ජේෂ්ඨ නීතිඥවරයෙකු වන ඒමහතා වත්මනද බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ද නියෝජ්ය මහා භාරකාරතුමා ලෙස කටයුතු කරනු ලබයි.කරුණාරත්න මහතා කොළබ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකි.

එම්.එස්. අනුරුද්ධ මයා
ප්‍රධාන ගණකාධිකාරී
0112 599941
publictrusteesl@gmail.com

බී.එම්.එස්. බාලසූරිය මයා
ප්‍රධාන අභ්‍යන්තර විගණක
0112 581690
publictrusteesl@gmail.com

බී.එස්. කැකුලාවල මයා
අධ්‍යක්ෂ (පාලන)
0112 581690
publictrusteesl@gmail.com

ආර්.අයි.ඩී.කරුණාරත්න මිය (වැ.බ.)
ගණකාධිකාරී
0112 581827
publictrusteesl@gmail.com

එන්.එම්.එල්. නවරත්න මිය
පරිපාලන නිලධාරී
0112 589464
publictrusteesl@gmail.com