භාරයක් ඇති කරන්නේ මන්ද?
අන්තිම කැමැත්තකින් දේපොළ උරුම වන පුද්ගලයාට / පුද්ගලයින්ට එකී දේපොළ පාලනය කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් නොමැති සේ සැලකිය හැකි අවස්තාවලදී, වත්කම් උරුමකොට පවරනවා වෙනුවට , භාරයක් ඇති කරනු ලබන භාරයක් ඇති කිරීම නුවණට හුරුය. එසේ ඇති කරනු ලබන භාරයක් නිසා, අර්ථලාභීයාට / අර්ථලාභීන්ට තමන්ගේ දේපොළ සිත් ගන්නා පරිදි නිසියාකාරව පාලනය කර ගැනීමට හැකි වනු පිණිස , සියුම් ව්‍යාපාරික බුද්ධියක් ඇති භාරකරුවෙකු ද පත් කිරීමේ අවස්ථාව සැලසෙනු ඇත. තවද , භාරයේ සදහන් වන පරිදි ඔබගේ මරණින් පසුව ද එය එලෙසම නොකඩවා පාලනය වන බවට ඒත්තු ගත හැකිය. අවසාන කැමැත්තේ ප්‍රකාරව මේවා සිදුවන්නේ තමා මිය ගිය පසුවය.
භාරයක් ඇති කළ හැක්කේ කෙසේද…? එහි පරමාර්ත මොනවාද?
පුද්ගලයන් වෙනුවෙන් හෝ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් හෝ රු. 25,000/- ක මුදලකින් භාරයක් ඇති කළ හැක. මුල් මුදල තැන්පත් කොට ඉන් ඉපැයෙන සාමාන්‍ය පොළිය භාරයේ සදහන් වන අදහස් ක්‍රියාත්මක කිරීම සදහා යොදාගත හැකි අතර, එමගින් භාරය ඇති කළ පුද්ගලයාගේ නාමය සදාකල්හී අනුස්මරණය කළ හැකි වනු ඇත. ඇති කල භාර වර්ග 2 කී. එනම්,
- පෞද්ගලික භාර
මෙම භාරය, අන්තිම කැමත්ත වශයෙන් ද, ඔබගේ අදහස් ඇතුළත්ව වෙනම ලියවිල්ලක් වශයෙන් ද, ඇති කළ හැකි භාරයකි. මෙය විශේෂයෙන් තනි පුද්ගලයින් සදහා සහ තෝරාගත් පුද්ගල කණ්ඩායමක් සදහා යොදාගන්නා භාරයකි.
උදා:- ඔබගේ දරුවාගේ / දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ, ඔබගේ විශේෂ සැලකිල්ලට භාජනය වන පුද්ගලයන් වෙනුවෙන් ඇති කළ හැක.
- පුණ්‍ය භාරය
මෙම භාරය අන්තිම කැමැත්තක් වශයෙන් හෝ වෙනම ලියවිල්ලක් වශයෙන් හෝ ඇති කළ හැකි භාරයකි. ඕනෑම පොදු ජන කොට්ඨාසයක් උදෙසා භාවිත වන භාරයකි. අධ්‍යාපනික , ආගමික හෝ සමාජීය කටයුත්තක් හෝ වෙනත් ආකරයක පුණ්‍ය කටයුත්තක සදහා වාර්ශික හෝ මාසික ආධාර ප්‍රධානය සදහා පිහිටුව හැකි භාරයකි.
පාසලක හෝ විශ්ව විද්‍යාලයක සිසුන් සදහා ශිෂ්‍යත්ව ප්රදානය,පාසල් , ආගමික සිද්ධස්ථාන , රෝහල් නඩත්තු කිරීම.
මෙම භාරවර්ග දෙකෙහිදිම භාර ඔප්පු මහාභාරකාර වරයා විසින් සකස් කර ලබාදේ.
දෙපාර්ථමේන්තුවේ මෙතෙක් ඇති කරන ලද හා දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින භාර කිහිපයක උදාහරණ මෙසේය.
- විශේෂ විෂයයන් මුල් කොට ගත් දේශන පැවැත්වීම සදහා 1935 දී රුපියල් දෙදාහක (රු. 2000/- ) මුදලකින් දෝන ඇල්පිනා රත්නායක මහත්මිය විසින් ඇති කරන ලද භාරය.
- අසරණ දරු දැරියන් වෙනුවෙන් අනාථ නිවාසයක් පවත්වාගෙන යාම සදහා එම දරු දැරියන්ට ආහාරපාන , ඇදුම් , පැළදුම් , අධ්‍යාපනය සහ නිවහනක් යනාදී පහසුකම් සැලසීම සදහා , විශාල මන්දිරයක් ද ඇතුඵව වගාවන් සහිත අක්කර 100 ක බිම් ප්‍රමාණයක් උරුම කොට පවරා දුන් සිල්වා විජේසිංහ භාරය.
- ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් කිරීමේදී මිය ගිය හමුදා නිල්ධාරීන්ගේ සහ භටයන්ගේ අධ්‍යපනය සහ සමාජීය කටයුතු නගා සිටුවීම උදෙසා ඇති කරන ලද දේවී බාලිකා මහා විද්‍යාලීය ජාතික සුබ සාධක භාරය.
- ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යපනය නගා සිටුවීම සදහා, කුඹුරු අක්කර 360 ක් ද, නිශ්චල දේපොළ විශාල ප්‍රමාණයක්ද උරුම කොට පවරා දීම සදහා මුහන්දිරම් ජයවික්‍රම මහතා විසින් ඇති කරන ලද භාරය.
භාරයක් ඇති කිරීමේදී මහා භාරකරු ආරක්ෂක භාරකරු වශයෙන් පත් කළහොත්, භාරයයී සඳහන් වන දේපොළ සියල්ලක්ම මහා භාරකරු වෙත පැවරෙන අතර , එතැන් පටන් භාර දේපොළ පිලිබඳ සියළුම ලියකියවිලි මහා භාරකරුගේ ආරක්ෂාව යටතේ පවතිනු ඈත. එතෙකුදු වුවත්, භාර දේපොළ පාලනය කෙරෙහි විමසිලිමත් වීම මිස, ඒවායේ පාලනය කෙරෙහි විමසිලිමත් වීම මිස, ඒවායේ පාලන කටයුතුවලට කෙලින්ම සහභාගී වීම, වචනාර්තයෙන් පැහැදිලි වන පරිදි , ආරක්ෂක භාරකරුට අයිති කාර්යයක් නොවේ. භාරයේ පාලනය නියත වශයෙන්ම කරනු ලබන්නේ පාලක භාරකරුවන්ගේ බලතල හා වගකීම් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක භාරකරුවන්ගේ එකඟත්වය ලබාගත හැක .කෙසේ වුවද එසේ එකඟත්වය ප්‍රකාශ කිරීමට ඉල්ලා සිටින කැරුණු විශ්වාසය කඩ කිරීමට තුඩු දෙන කරුණක් සදහා නම් හෝ, එසේ එකඟත්වය ප්‍රකාශ කිරීමෙන් ආරක්ෂක භාරකරුට පුද්ගලිකව වගකීමක් පැවරේ නම් හෝ එම එකඟත්වය ප්‍රකාශ කිරීමට ආරක්ෂක භාරකරු බැදී නැත.