විශේෂ අවස්තා

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල නවීකරණය කිරීම 2023.10.02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලදී.

ත්‍රිකුණාමලයේ තඹලගමුව ආදි කෝණායගර් දේවාලය

ත්‍රිකුණාමලයේ තඹලගමුව ආදි කෝණායගර් දේවාල භාරය අරමුණු කොටගෙන ආදි කෝණායගර් දේවස්ථානයේ 2023 මහා කන්නයේ කුඹුරු වෙන්දේසිය පැවැත්වීම මහා භාරකාරතැනගේ , නියෝජ්‍ය භාරකාරතැනගේ ප්‍රධානත්වයෙන් හා මහා භාරකාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2023 ඔක්තෝම්බර් 06 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

නාවලපිටිය කදිරේෂන් විද්‍යාලය

නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කරන ලද ක්‍රීඩාව සංවර්ධනය කිරීම උදෙසා වූ භාරය පිහිටු වීම ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන, කදිරේෂන් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සහ භාණ්ඩාගාරික ගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 24 දින සිදු කෙරිණි.

ශ්‍රී ලංකා දැඩි උපස්ථායක ඒකක පදනම් භාරය

1982 දී පුජ්‍ය යටිනුවර ඉන්ද්‍රරතන හිමියන් විසින් ස්ථාපිත ශ්‍රී ලංකා දැඩි උපස්ථායක ඒකක පදනම් භාරයේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඖෂධ, උපකරණ ලබා ගැනීම සඳහා ආධාර ලබා දීමයි. එම භාරයේ අදායමින් 2023 ඔක්තෝම්බර් 23 දින කපු පුළුන් ග්රෑම් 500 රෝල් 139ක් කොළඹ ජාතික රෝහල වෙත මහා භාරකාර දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් 2023 ඔක්තෝම්බර් 23 දින ලබා දෙන ලදී.

Save a Baby

හුස්ම ගන්නට තරම් පෙනහළු ශක්තිමත් නැති අලුත උපන් නොමේරූ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය ‘Surfactant’ ඖෂධය ලබාගැනීම සදහා සිසිල් වනිගසුරිය භාරයේ 2023 වර්ෂයේ භාර අරමුණු ඉටු කිරීම නිමිති කොටගෙන 2023.11.02 දින මහා භාරකාර තැන සහ නියෝජ්‍ය භාරකාරතැන ගේ සහභාගීත්වයෙන් ‘Save a baby’ ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දෙන ලදී.