1930 නොවැම්බර් 22 වන දින ආරම්භ කරන ලද මහා භාරකාර දෙපාර්තමේන්තුව 1931 දී සිය මෙහෙයුම් ආරම්භ කළේ මහා භාරකාරවරයා, ගැසට් නිලධාරීන් දෙදෙනෙකු, ලිපිකරු නිලධාරියෙකු සහ පියුන් දෙදෙනෙකුගෙන් සමන්විත හය දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකිනි.
මුල් කාලයේ සිටම ඔවුන්ගේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින්, මෙම කුඩා රාජ්‍යයේ ඉතිහාසයට නොයෙකුත් දායකත්වයක් ලබා දී ඇති සාමාන්‍ය ජනතාව මෙන්ම සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයින් අතර සැලකිය යුතු ශක්තිමත් සහ විශ්වාසනීය කීර්තියක් ගොඩනැගීමට මහා භාරකරුට හැකි විම අප ජාතියට මහත් ආඩම්බරයකි!
අනගාරික ධර්මපාල, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඒ.ඒ. ද අල්විස්, මුදලියාර් ජයවික්‍රම, ලෙනාඩ් රූපසිංහ, ශ්‍රීමත් චන්ද්‍රසේකර, මුදලියාර් සිල්වා විජේසිංහ සහ ජෝසප් හෝක් එම කීර්තිමත් අනුග්‍රහකයින් කිහිප දෙනෙකි. මෙම කීර්තිමත් දානපතියන් මහා භාරකරු කෙරෙහි සුවිශේෂී විශ්වාසයක් තබා ඇති අතර ඔවුන් පුණ්‍ය කටයුතු සහ සුබසාධනය උදෙසා තමන් උපයා ගත් සියලු ධනය නඩත්තු කිරීමට සහ කළමනාකරණය කිරීමට පෞද්ගලිකව ශ්‍රී ලංකාවේ මහා භාරකරු තෝරා ගත්හ.
මහා භාරකාර දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී එය සාමාන්‍ය රාජ්‍ය ව්‍යුහයෙන් කැපී පෙනෙන වෙනස්කමක් සහිතව පිහිට වුවක් බව සැලකේ. මෙලෙස සංස්ථාපිත ආයතනයක් හඳුන්වාදීම මෙරට පරිපාලන ඉතිහාසයේ පළමුවැන්න යි.දැනට, කටයුතු මනා ලෙස ගෙන යන සක්‍රිය ආයතනයකි.
1922 අංක 1 දරන මහා භාරකාර ආඥාපනත 1930 නොවැම්බර් 22 දින බලාත්මක කරන ලදී. එය 1931 අංක 11 දරන ආඥාපනත, 1938 අංක 59 සහ 1983 අංක 41 දරන පනත මගින් සංශෝධනය කරන ලදී.