අපගේ සේවාවන්

ඔබට සහ ඔබේ ආදරණීයයන්ට ලැබිය යුතු සතුට සහ ආරක්ෂාව අපි ලබාදෙන්නෙමු!


ශ්‍රී ලංකාවේ ප්‍රජාවට ඔවුන්ගේ වතු සහ බූදල් පරිපාලන සේවාවන් තරාතිරම, ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, වර්ණය, භාෂාව හෝ ආගම නොසලකා ඉටු කිරීම සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව ගොඩනැගී ඇත.

ආරම්භයේ සිටම අපගේ පරමාර්ථය වන්නේ මේ ජාතියේ යහපැවැත්ම පවත්වාගනිමින් අපගේ ගනුදෙනුකරුවන්ගේ කටයුතු කළමනාකරණය කර ශක්තිමත්ව ගෙන යමින් ධනාත්මක ප්‍රතිඵල ලබා දීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව අප කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය සහතික කිරීමයි.

ශිෂ්‍යත්ව ප්‍රධානය

භාරයේ ප්‍රධාන අරමුණ ශිෂ්‍යාධාර ලබාදීම ලෙස සඳහන් කර පිහිටුවා ඇති භාරයන් මේ යටතට අයත් වේ. එමගින් පාසැල් හා විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය හදාරන දරු දැරියන් වෙත ශිෂ්‍යාධාර ලබා දිම සිදු කරයි.

අධ්‍යාපන ශිෂ්‍යාධාරයන් සඳහා අයදුම්පත

වෛද්‍යාධාර ලබා දීම

අන්තිම කැමති පත්‍ර සහ භාරයන්හි අරමුණු ප්‍රකාරව රෝහල් වෙත හා රෝගී පුද්ලයන් වෙත මූල්‍ය පහසුකම් හා වෛද්‍යාධාර ලබා දීම සිදුවේ. අයදුම්පත්‍ර කැඳවීම මඟින් ප්‍රතිලාභීත් තෝරා ගැනීම සිඳු කරයි.

වෛද්‍ය ප්‍රතිකාර සදහා ඉල්ලුම් පත

විහාර දේපල සංවර්ධනය හා නඩත්තු කිරීම

අන්තිම කැමති පත්‍රය සහ භාර ඔප්පුවල ඇති අරමුණු පරිදි ආගමික සිද්ධස්ථාන සහ ආගමික ස්වරූපයේ ආයතනයන්ට නීත්‍යානුකූලව ගිවිසුම් ප්‍රකාරව ගෙවීම් කිරීම සහ ආධාර ලබාදීම මේ යටතේ සිදුකරයි.

ආගමික ආධාර අයදුම්පත

පුණ්‍යාදාර සහ පරිත්‍යාග.

මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ විවිධ සමාජ සුභ සාධන හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් මහා භාරකාර ආඥා පනත අනුව භාර ස්ථාපිත කිරීමට හැකියාව පවති.

එම භාරයන් මගින් ආගමික කටයුතු, ශිෂ්‍යාධාර , වෛද්‍යාධාර , ළමා හා වැඩිහිටි සුභසාධන ආදී සුභසාසන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මහභාරකාර දෙපාර්තමේන්තුව තුළ සමාජ සුභසාධන හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබගේ මුදල් පරිත්‍යාගයෙන් භාරයන් ස්ථාපිත කළ හැකි අතර ඒ සදහා අප දෙපාර්තමේන්තුව හා සම්බන්ධව වන්න.

තවද, දැනට ස්ථාපිතව පවතින ඉහත සඳහන් සමාජ සුභසාධනයන් සිදු කරනු ලබන භාර සඳහා ඔබගේ නොමසුරු පරිත්‍යාගය ලබා දිය හැකිය.

දේපල කළමණාකරණය

උසාවි නියෝග මහා භාරකාරතැන අදිමිනිස්ස්‍රාවි කරු හෝ අන්තිම කැමති පත්‍ර මඟින් මහා භාරකාරතැන පොල්මංකරු ලෙස පවරන ලද චංචල හා නිශ්චල දේපල මෙම දෙපාර්තමේන්තුව සතුව පවතී. එම දේපල වලින් ලැබෙන ආදායමෙන් එහි හිමිකරුවන්ගේ අරමුණු ඉටු කිරීම සිදුවේ. මේ යටතේ වෛද්‍යාධාර, ශිෂ්‍යාධාර , පුණ්‍යාධාර ගෙවීම හෝ ඔවුන්ගේ භාරකරුවන් රැකබලා ගැනීම ආදී කටයුතු ඇතුළත් වේ.

භාරයක් පිහිටුවීම සදහා වන අයදුම්පත

වෙනත් සේවාවන්

විදේශ වන්දි

විදේශගතව රැකියාවක නිරත පුද්ගලයෙකු මියයාම හා ආබාධිත වීම වැනි අවස්ථාවලදී ඔහු වෙනුවෙන් ලැබෙන වන්දි මහාභාරකාර දෙපාර්තමේන්තුව වෙත ලැබේ. ඒවා නියමිත උරුමකරුවන් හා යැපෙන්නන් හඳුනා ගෙන ඔවුන්ට ගෙවීම සිදු වේ.

විහාර වන්දි

1944 අංක 28 දරන පන්සල් ඉඩම් වන්දි ආඥා පනත අනුව රජයේ කාර්යයන් සඳහා අත්පත් කර ගැනීමේදී ලබා දෙනු ලබන වන්දි මුදල් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ හා මහා භාරකාර තැනගේ ගෙවීම් කිරීමද මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදුවේ.

පුද්ගල භාර

දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති භාර හා අන්තිම කැමතිපත්‍ර වලින් මහා භාරකාර තැන පොල්මංකරු වශයෙන් පත් කර ඇති බූදල් අතරින් අර්ථලාභියා නිශ්චිතව සඳහන් කර ඇති භාර හා බූදල් වලට අදාල අරමුණු ඉටු කිරීමටද පොදු අරමුණක් නොවන පුද්ගලික අරමුණු මුල්කර ගනිමින් ඇති කල භාර වේ.