විශේෂ අවස්තා

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 158 වෙනි ජන්ම දින සැමරුම

2025.02.13 වන දිනට යෙදී තිබූ ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 158 වෙනි ජන්ම දිනය සිහිපත් කරමින් එදින ස්වාමීන් වහන්සේලා දස නමක් උදෙසා දහවල් දානය පිළිගන්වා එතුමා වෙනුවෙන් පුශ්පෝපහාර උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවය මහා භාරකාර ගිහාන් පිලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරාධිත අමුත්තන් වශයෙන් පැමිණි ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.

නැසීගිය එන්.ජේ.ඒ.කුරේ මැතිතුමාගේ අන්තිම කැමති පත්‍ර අරමුණු ඉටු කිරීම

රාජගිරිය,වැලිකඩ,අංක 971,කැරොලයින් නිවසෙහි පදිංචිව සිට නැසීගිය වෛද්‍ය නාවලගේ ජෝන් ඔස්ටින් කුරේ මැතිතුමාගේ අන්තිම කැමති පත්‍ර ප්‍රකාර එක් අරමුණක් වනුයේ එතුමාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 27 දින නාවල,රාජගිරිය වික්ටෝරියා නිවාසයේ පදිංචි නේවාසික/නේවාසිකාවන් උදෙසා භාරයෙන් උපචිතවන ආදායමෙන් කොටසක් ගෙන දානයක් පිරිනැමීමයි. එම අරමුණ සපුරාලමින් මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2025.10.27 දින නේවාසිකයින් 113 දෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් ලබා දුනි.

ආදි කෝණායගර් කෝවිල් භාරය-තඹලගමුව

ත්‍රිකුණාමලය ,තඹලගමුව ආදි කෝණායගර් දේවාලයට අයත් කුඹුරු ඉඩම් 2025 වසරට මහ කන්නය සඳහා වෙන්දේසි කිරීම සහ ආදි කෝණායගර් දේවාලයේ තොලොම්බුකරුවන් ගේ(සහාය පූජකවරුන්) ගැටලු සාකච්ඡා කිරීමේ හමුව 2025.10.02 සහ 16 දෙදින ආදි කෝණායකර් දේවාලයේ අන්නදාන මණ්ඩපයේ දී මහා භාරකාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහ කෝවිල් බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

උස්වත්තගේ දොන් බර්ට්රීම් ද සිල්වා මහතාගේ 15 වැනි ගුණානුස්මරණය

හල්දුම්මුල්ල,කෙලින් වීදිය,අ‍ංක 220/1 ලිපිනයේ පදිංචිව සිට 2010 අප්‍රෙල් 01 වන දින නැසීගිය උස්වත්තගේ දොන් බර්ට්‍රම් ද සිල්වා මහතා ගේ 15 වැනි ගුණානුස්මරණය කරණ කොට ගෙන එතුමාගේ අන්තිම කැමති පත්‍ර ප්‍රකාරව භික්ෂූන්වහන්සේලා දස නමකට සහ දසසිල්මාතාවන් විසිපස් නමකට නිර්මාංශ දානයක් සකස් කර පිරිකර සහිතව පිරිනැමීම මෙවරද මහාභාරකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ දායකත්වයෙන් සිදුකරන ලදී.
අඛණ්ඩව වසර 14 ක් පුරාවට සිදු කෙරුණු මෙම දානමය පින්කමෙන් මෙම දෙපාර්තමේන්තුවට දේපල පරිත්‍යාග කල සියලුම දානපතීන්හටද පින් අනුමෝදන් කරන ලදී.

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 157 වෙනි ජන්ම දින සැමරුම

2025.02.14 වන දිනට යෙදී තිබූ ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 157 වෙනි ජන්ම දිනය සිහිපත් කරමින් එදින ස්වාමීන් වහන්සේලා දස නමක් උදෙසා දහවල් දානය පිළිගන්වා එතුමා වෙනුවෙන් පුශ්පෝපහාර උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවය මහා භාරකාර ගිහාන් පිලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරාධිත අමුත්තන් වශයෙන් පැමිණි ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.

භාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම- නැසීගිය රුක්මණී ප්‍රිජානි රාජපක්ෂ මැතිණිය

දෙපාර්තමේන්තුවට තම දේපල , ධනය පරිත්‍යාග කළ නැසීගිය රුක්මණී ප්‍රිජානි රාජපක්ෂ මැතිණිය හා අනෙකුත් ධානපතීන් ට පිං අනුමෝදන් කිරීම පිණිස 2025 ජනවාරී මස 08 වන දින දානමය පිංකමක් ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන ගරු ගිහාන් පිලපිටිය මහතා , හිටපු මහා භාරකාරතුමන්ලා වන තරංගනී දිසානායක මැතිණිය,ගනේෂ් ධර්මවර්ධන මහතා සහ ඩබ්.ජී.එස්.වීරත්න මහතා ද සමග දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.

භාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම- ඩී.එස්.ඩබ්. සමරකෝන් පුණ්‍ය භාරය

ඩී.එස්.ඩබ්. සමරකෝන් පුණ්‍ය භාරය මඟින් රජයේ පිලිකායතනය (අපේක්ෂා රෝහල) වෙත රු. 1498000/= වටිනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග තොගයක් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නීති උපදේශක අම්ජාඩ් මහතා , ප්‍රසාදි ගනේවත්ත මිය හා සමුද්‍රිකා ආරියතිලක මියගේ සහභාගීත්වයෙන් 2024.12.28 වන දින භාර දෙන ලදී.

භාරයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම- දිවංගත ආචාර්ය එන්.ජේ. කුරේ

මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු සුවිශේෂී බූදලයක් වන රාජගිරිය, අංක 971, කැරොලයින් නිවසෙහි පදිංචිව සිට නැසීගිය වෛද්‍ය නාවලගේ ජෝන් ඔස්ටින් කුරේ මැතිදුන්ගේ අන්තිම කැමති පත්‍ර ප්‍රකාරව එතුමාගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන් නාවල, රාජගිරිය වික්ටෝරියා නිවාසයේ පදිංචි නේවාසික/නේවාසිකාවන් සඳහා භාරයේ උපචිතවන ආදායමෙන් කොටසක් ගෙන දානයක් පිරිනැමීමයි. ඒ අනුව වික්ටෝරියා නිවාසයේ ඉල්ලීම පරිදි 2024 ඔක්තෝම්බර් මස 23 වන දින ඔවුනට අවශ්‍ය ද්‍රව්‍ය මහා භාරකාරතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ලබා දීම සිදු කරන ලදී.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව උදෙසා පැවැත්වෙන වාර්ෂික පූජාව-2024

මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී දළදා මාලිගාවේ ගිලන්පස පූජාව,මුල්තැන් බුද්ධ පූජාව හා සාංඝික දානය මෙවරත් ශ්‍රී ලංකාවේ මහා භාරකාරතැන ගරු, ගිහාන් පිලපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ දායකත්වයෙන් 2024.08.25 සහ 26 දෙදින තුළ සැදැහැවත් සිතින් සිදු කරන ලදී.

ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 80 වෙනි ගුණානුස්මරණය

2024 මැයි මස 29 වෙනි දිනට යෙදී තිබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 80 වෙනි ගුණානුස්මරණය නිමිත්තෙන් එතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ ස්ථාපිත එතුමාගේ පිළිරුවට ද පුෂ්පෝපහාර පවත්වන ලදී. ඉන් අනතුරුව කෑම පාර්සල් බෙදා දීමේ දන්සලක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කරන ලදී.

භාර අරමුණු ඉටු කිරීම – සිසිල් වනිගසූරිය භාරය 2024

වැල්ලවත්ත ස්ටේෂන් ඇවනියු හි අංක 29 හි පදිංචිව සිටි නැසීගිය සිසිල් අර්නස්ට් වනිගසූරිය මහතා විසින් පිහිටුවන ලද සිසිල් වනිගසූරිය භාරයේ ආදායමෙන් කොටසක් යොදවා 2024.04.25 වන දින කොළඹ ජාතික රෝහල වෙත රුපියල් ලක්ෂ පහළොවක පමණ ඔෳෂධ තොගයක් පරිත්‍යාග කරන ලදී.

වාර්ෂික දානමය පිංකම – 2024

හල්දුම්මුල්ල,කෙලින් වීදිය, අංක 220/1,ස්ථානයේ පදිංචිව සිට 2010.04.01 දින නැසීගිය උස්වත්තගේ දොන් බර්ට්‍රම් සිල්වා මහතා ගේ 14 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් 2024.04.03දින එතුමන්ගේ අන්තිම කැමති පත්‍ර අරමුණු ප්‍රකාරව ස්වාමීන්වහන්සේලා දස නමකට සහ සිල්මාතාවන් විසි පස් නමකට වාර්ෂික නිර්මාංශ දානමය පින්කමක් මහා භාරකාරතැනගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

සෙනෙහෙලතා අමරසිංහ භාරය- භාර අරමුණු ඉටුකිරීම 2024

කොළඹ,05, ස්කෙල්ටන් පාර,අංක 20 හි පදිංචිව සිටි සෙනෙහෙලතා අමරසිංහ මහත්මිය විසින් පිහිටුවන ලද සෙනෙහෙලතා අමරසිංහ පුණ්‍යභාරයේ අරමුණු පරිදි හැඳල වත්තල ලාදුරු රෝහලේ රෝගීන් වෙත දිවා ආහාරය සහ වියලි ආහාර 2024.01.11දින පරිත්‍යාග කරන ලදී.

එන්.ජේ.ඒ. කුරේ බූදලය-භාර අරමුණු ඉටු කිරීම 2023

රාජගිරිය, වැලිකඩ, අංක 971 කැරොලයින් නිවසේ පදිංචිව සිට නැසීගිය වෛද්‍ය නාවලගේ ජෝන් ඔස්ටින් කුරේ මැතිතුමාගේ අන්තිම කැමති පත්‍රයේ එක් අරමුණක් වන්නේ එතුමන්ගේ ජන්ම දිනය සැමරීම සඳහා නාවල රාජගිරිය වික්ටෝරියා නිවාසයේ පදිංචි නේවාසික/ නේවාසිකාවන් උදෙසා දානයක් පිරිනැමීමයි. 2023-12-29 දින දෙපාර්තමේන්තුවේ ශිෂ්‍යාධාර අංශය මගින් එම මහඟු කර්තව්‍ය සිදු කරන ලදී.

Save a Baby

හුස්ම ගන්නට තරම් පෙනහළු ශක්තිමත් නැති අලුත උපන් නොමේරූ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය ‘Surfactant’ ඖෂධය ලබාගැනීම සදහා සිසිල් වනිගසුරිය භාරයේ 2023 වර්ෂයේ භාර අරමුණු ඉටු කිරීම නිමිති කොටගෙන 2023.11.02 දින මහා භාරකාර තැන සහ නියෝජ්‍ය භාරකාරතැන ගේ සහභාගීත්වයෙන් ‘Save a baby’ ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්‍ය ආධාර ලබා දෙන ලදී.

ශ්‍රී ලංකා දැඩි උපස්ථායක ඒකක පදනම් භාරය

1982 දී පුජ්‍ය යටිනුවර ඉන්ද්‍රරතන හිමියන් විසින් ස්ථාපිත ශ්‍රී ලංකා දැඩි උපස්ථායක ඒකක පදනම් භාරයේ අරමුණ වනුයේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය ඖෂධ, උපකරණ ලබා ගැනීම සඳහා ආධාර ලබා දීමයි. එම භාරයේ අදායමින් 2023 ඔක්තෝම්බර් 23 දින කපු පුළුන් ග්රෑම් 500 රෝල් 139ක් කොළඹ ජාතික රෝහල වෙත මහා භාරකාර දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් 2023 ඔක්තෝම්බර් 23 දින ලබා දෙන ලදී.

නාවලපිටිය කදිරේෂන් විද්‍යාලය

නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කරන ලද ක්‍රීඩාව සංවර්ධනය කිරීම උදෙසා වූ භාරය පිහිටු වීම ශ්‍රී ලංකාවේ මහා භාරකාර තැන, කදිරේෂන් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති සහ භාණ්ඩාගාරික ගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 24 දින සිදු කෙරිණි.

ත්‍රිකුණාමලයේ තඹලගමුව ආදි කෝණායගර් දේවාලය

ත්‍රිකුණාමලයේ තඹලගමුව ආදි කෝණායගර් දේවාල භාරය අරමුණු කොටගෙන ආදි කෝණායගර් දේවස්ථානයේ 2023 මහා කන්නයේ කුඹුරු වෙන්දේසිය පැවැත්වීම මහා භාරකාරතැනගේ , නියෝජ්‍ය භාරකාරතැනගේ ප්‍රධානත්වයෙන් හා මහා භාරකාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2023 ඔක්තෝම්බර් 06 වන දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්යාල ගොඩනැගිල්ල නවීකරණය කිරීම 2023.10.02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ආරම්භ කරන ලදී.