ගැලරිය

මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත දේපළ පරිත්‍යාග කරන ලද තැනැත්තන් සිහිකර විශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි.
මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත කළුතර “ රිච්මන්ඩ් කාසල් මන්දිරය ” ඇතුළු දේපල පරිත්‍යාග කළ නානයක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් සිල්වා විජේසිංහ සිරිවර්ධන මුදලිතුමාගේ අන්තිම කැමති පත්‍ර අරමුණු ප්‍රකාරව එතුමන් ඇතුලු මෙම දෙපාර්තමේන්තුව වෙත දේපළ පරිත්‍යාග කරන ලද සියලුම දෙනා සිහිකර ඔවුනට ආත්මීය සැනසීම උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් 2024.08.01 දින අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජක තුමන්ලා විසින් කොළඹ අගරදගුරු නිවසේ දී පවත්වන ලදි. එම අවස්ථාව සදහා මහා භාරකාරතැන වන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මැතිතුමා, නියෝජ්‍ය මහා භාරකාරවරුන් ඇතුලු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල නිලධාරින් සහභාගී වන ලදි.


මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් 2024.07.13 දින මාතර “ අභිමංසල” රණවිරු සුව සහන නිකේතනය වෙත ද්‍යෛාධාරක උපකරණ බෙදා දෙන ලදී.
1986 වර්ශයේ පිහිටුවන ලද ශ්‍රී ලංකා-කුවේට් සංස්කෘතික සංගම් භාරය භාරයේ අරමුදලින් මෙම ආධාර ලබා දෙන ලද අතර උක්ත භාරය පිහිටුවීමේ අරමුණු ලෙස සඳහන් වන්නේ, ජාතිය වෙනුවෙන් ජීවිතක්ෂයට හා ආබාධිතත්වයට පත් වන ත්‍රිවිධ හමුදාවේ හා පොලීස් සේවයට අයත් වීරෝධාර රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල් වෙත ආධාර ලබා දීමයි.
ඒ අනුව, මහා භාරකාරතුමාගේ අනුමැතිය මත ආබාධිත රනවිරුවන් වෙසෙන “අබිමංසල” සුව සහන නිකේතනයන් කිහිපයක් තෝරා අධාර ලබා දීමට තීරණය කරන ලද අතර එම වැඩසටහන යටතේ මාතර “ අභිමංසල” වෙත මෙලෙස ආධාර ලබා දෙන ලදි.

මහා භාරකාර දෙපාර්තමේන්තුවට දේපළ පරිත්‍යාග කරන ලද රුක්මණී නිලියා ප්‍රිජානි ද සිල්වා රාජපක්ෂ මැතිණිය ඇතුලු සියලු ධන/දේපළ පරිත්‍යාගශීලීන් සිහි කිරීම පිණිස විශේෂ දේව පූජාවක් 2024.06.27 දින වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ දී මහා භාරකාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

වර්ශ 1988 දී අධිකරණ තීන්දුවක් මගින් මහාභාරකාර දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති නැසීගිය රෙජිනා සම්පන්තනාදන් මහත්මියගේ බූදලයට වාර්ෂිකව ලැබෙන ආදායමෙන් මහාභාරකාරතුමාගේ අනුමැතිය පරිදි යාපනය දිස්ත්‍රික්කයේ ජීවත්වන ආර්ථික දුශ්කරතා සහිත පවුල් 40ක් සදහා රු.10,000.00 බැගින් මූල්‍ය ආධාර ලබා දීම මහාභාරකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.06.25 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළ වගයි.

යූ.ඩී.බී. ද සිල්වා මහතාගේ 13වන ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ විධි විධාන අනුව 2023.04.01 වන දින භික්ෂු භික්ෂුණීන් වහන්සේලා 35 නමක් වෙනුවෙන් දානමය පින්කමක් ගරු මහා භාරකාරතැනගේ ප්‍රදානත්වයෙන් මහාභාරකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණි.

‘‘හරි මගක දැන යමු – දූෂණයට එරෙහි වෙමු ’’ ‘‘මම සුපිළිපන්නයි. ’’ යන තේමාව යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද මහා භාරකාර දෙපාර්තමේන්තු නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.10.18 දින ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැත්විණි.

1988 වසරේ ඩි. ආර් . වික්‍රමරත්න මහතා විසින් ස්ථාපිත කරන ලද මෙම භාරයේ එක් අරමුණක් වන්නේ කොළඹ කාසල් විදියේ කාන්තා රෝහල වෙත ඇසුරුම් කළ ආහාර ලබා දීමයි. ඒ අනුව 2023.11.27 දින එම වියළි ආහාර රෝගීන් වෙත බෙදා දීම සිදු කරන ලදී.

2024.02.13 වන දිනට යෙදී තිබූ ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ 156 වෙනි ජන්ම දිනය සිහිපත් කරමින් එදින බොරැල්ලේ අතුල ස්වාමීන්වහන්සේ ගේ සුමධුර ධර්ම දේශනාවක් පවත්වා එතුමා වෙනුවෙන් පුශ්පෝපහාර උත්සවයක් පවත්වන ලදී. මෙම උත්සවය මහා භාරකාර ගිහාන් පිලපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආරාධිත අමුත්තන් වශයෙන් පැමිණි ශ්‍රිමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවේදී උත්කර්ෂවත් අයුරින් සමරන ලදී.